Tuesday, August 31, 2010

අපි වෙන්වෙන බව
කල්තියා දැනුනිනම්......
බස් එකේ දොඩ දොඩා යන'තර
අතින් අල්ලන්න තිබුනා.
'ස්වර්ණ කුණ්ඩල' බලන අතරෙදි
උරෙහි හිසලන්න තිබුනා.
මල්පාරේ තනිවෙච්චි මොහොතෙදි
මුහුණ සිප ගන්න තිබුනා!

8 comments:

  1. මේක ලිව්වෙ මමද කියල බැලුවේ. (එහෙම උනා නං කොච්චර දෙයක්ද? ඔය අත්දැකීම මගෙම උනත් ඔච්චර හොඳට ලියන්න මට බෑ)

    ReplyDelete
  2. charmi කිව්ව දේම තමයි මටත් හිතුනේ.....

    ReplyDelete
  3. ඔහොම හිතුණ අවස්ථා ගොඩක් එළඹිලා නැතිවෙලා ගියා... ඒත් ඒක කවියක් කලේ ඔබයි...

    ReplyDelete
  4. හරිම සරලව
    හරිම සුගමව
    හරිම ලස්සනට

    ReplyDelete
  5. charmi,outsider,chamila,samara,
    ඇත්තටමද කිව්වේ?මම මේක නොදා ඉන්න හිතලත් ආයේ දැම්ම.මට හිතුනා මේක බොළඳ වැඩි කියලා.ඒත් අපි හැමෝම කවදා හරි බොළඳ වෙලා තියෙනවනේ!

    ReplyDelete
  6. ජීවිතය
    මොන මල මගුලක් උණත්
    තිතක් දෙතිතක් හොයාගෙන
    යා කරාගෙන
    ආපහු යන්න
    බහිරාවේෂණය කරන්න පුළුවන්
    සරල රේඛාවක් නම් නොවෙයි
    අත්දුටුවයි
    සත්තයි

    ReplyDelete
  7. ලොකු...
    ජීවිතය මොකක් උනත්
    අතීතය කියන රහස් දොරටුවෙන්
    සිත රිංගා යන එක
    නවත්තන්ට බැරිබව
    සත්තයි!

    ReplyDelete
  8. අතීතය නම් රහස් දොරටුව...?

    හොයනවා මම තවම...

    ReplyDelete