Monday, August 09, 2010

පහන නිවුනම

පිනි මත ඇවිදින්න එනවද
කිති කව කවා පා යුග.
මල් රොන් අරගන්න  එනවද
එලවා සමනළුන් රැල .
වලාකුළු අල්ලන්න ආසද
අහස තරමට උඩ පැන .
මං ගාව ඇලවෙන්න කැමතිද
පහන නිවුනම සුළඟට...!

3 comments:

  1. පහන නිවුනම සුළඟට...?
    ඇයි ඒකත් සොබාදහමට බාර දෙන්නේ..? මේ 'ඇලවෙන' එක මීට වඩා සංස්කෘතික කරගන්න පුලුවන්නම් ?
    (කොහොමත් ඔයා ටිකක් වෙනස් දේවල් ලියන එකට මං කැමතියි)

    (කමෙන්ට්ස් කරද්දි Word verification එන එක......?)

    ReplyDelete
  2. කමෙන්ට්ස් කරද්දි Word verification එන එක......?
    මට ඒක තේරෙන්නේ නැහැ.
    charmi,
    ඔයාගේ අදහස් අහන්න දැන් මම පුරුදු වෙලා.
    නැතිඋනාම අඩුවක් වගේ දැනෙනවා.

    ReplyDelete
  3. ඔයාගෙ බ්ලොග් එකට කමෙන්ට් කරන අයට කමෙන්ට් එක පෝස්ට් කරන්න කලින් වර්ඩ් එකක් වෙරිෆයි කරන්න වෙනවා. ඒක ටිකක් කරදරයක්.

    ඔයා බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එකට ගිහින්
    Settings / comments / ගිහින් මේ ටික විතරක් හදන්න.

    Who Can Comment? = Anyone - includes Anonymous Users

    Show word verification for comments? = No

    එච්චරයි.

    දිගටම ලියන්න. සුබපැතුම්.

    ReplyDelete