Monday, August 09, 2010

ආශා..!

පිරිමින්ගේ ආශා..
ස්වභාව ධර්මයය.
වැළැක්විය
නොහැක.
නිරෝගී කමය.

ගැහැණුන්ගේ ආශා...
අස්වාභාවිකය.
වැළැක්විය
යුතුය.
නොදැමුණු කමය.

10 comments:

  1. ලොකූ කතාවක්.
    පොඩියට මොකුත් නොලියා අනිත් අයටත් බලාගන්න ලින්ක් එකක් දාන්නම්.

    http://reargate.blogspot.com

    ReplyDelete
  2. arun.j
    obath senehasin piliganimi.

    ReplyDelete
  3. ස්වභාව ධර්මය
    අස්වාභාවිකය

    ReplyDelete
  4. @ Samara,

    එසේ නම් ස්වභාවික යනු කුමක්ද?

    සංස්කෘතිය නිෂ්පාදනය කරන ලද්දකි. පේටන්ට් එක නිෂ්පාදකයා සතුය. Rasi පාරිභෝගික අධිකාරියට කරන මේ පැමිණිල්ලෙන් පලක් නොවන්නේ එහි සිටින්නේද නිෂ්පාදකයාම වන බැවිනි.

    ප.ලි.
    Rasi, ඔය කකුලෙ වැදුනේ මැණික් ගලක්. මේක අත නොහැර තව ටිකක් පහුරු ගානවට මං කැමතියි. Samara එකඟයි නේද?

    ReplyDelete
  5. චාමි,
    මා කුමක් කරන්නද
    උතුරින් අවිගත්වුන්
    දකුනිනුත් උන්.
    නඩුත් හාමුදුරුවන්ගේ.
    බඩුත් හාමුදුරුවන්ගේ.
    අපි ඉතින්
    ඉළ ඇටයකින් මැවුනෝ වෙමු.

    ReplyDelete
  6. "අපි ඉතින්
    ඉළ ඇටයකින් මැවුනෝ වෙමු. "

    මෙතෙක් මම අහපු නියමම නියම කතාව

    (කොහොමත් ඔය මැවුම් කාරයා එක්ක මාත් ටිකක් තරහයි. හදිසියෙවත් කොක්කක් දා ගත්තොත් විසිල් එකක් ගහන්ඩ.)

    ReplyDelete
  7. කොක්කක් දා ගන්න
    පෙනෙන්න එන්නෙත් නැහැ.
    මාත් හිතාන ඉන්නේ
    උන්දැව අලුතින් මවල ගන්න.
    ඔය මැවුම්කාරයා...

    ReplyDelete
  8. @රසී
    මොකද අද කවදාවත් නැතුව
    "අපි ඉතින්
    ඉළ ඇටයකින් මැවුනෝ වෙමු. "කියමින්
    පසු බැසීමට සිතා..???

    ReplyDelete
  9. ඒකනම් මොකද්ද නිමන්ති. ඒ පාර කියනවා මැවුම්කාරයා පේන්නෙත් නැහැල්ලු.
    මම කියන්නම් ඉන්න තැනක්.
    ඔයාගෙ කවියේ "වචන" ටික ආපහු අන්වීක්ෂයකින් බලන්ඩකෝ. මැවුම්කාරයාගේ කෑල්ලක් ඔයා ඇතුලෙම ඉන්න බව පෙනේවි.
    (අපිම ඕව පෙන්නන්න ඕනෙ)

    ReplyDelete