මීදුම...
උගුලකට හසුව
රබර් වදුලේ,
කෙසෙල් කොළ ඉරෙන සුළඟටද
කැටුව යන්නට නොහැකිව.
වලාකුළු..
කඳු මත වැතිර
හිරු එළියේ,
කුරිරු රැස් දහරින්ද
සැඟව ගත නොහැකිව.
මගේ සිත...
කඳුළු ඇස් ඇතිව
ඉතා ගැඹුරු,
ප්‍රපාතයකට ඇද වැටී
ගොඩට එනු නොහැකිව.
උගුලකට හසුව
රබර් වදුලේ,
කෙසෙල් කොළ ඉරෙන සුළඟටද
කැටුව යන්නට නොහැකිව.
වලාකුළු..
කඳු මත වැතිර
හිරු එළියේ,
කුරිරු රැස් දහරින්ද
සැඟව ගත නොහැකිව.
මගේ සිත...
කඳුළු ඇස් ඇතිව
ඉතා ගැඹුරු,
ප්‍රපාතයකට ඇද වැටී
ගොඩට එනු නොහැකිව.
මේක ලිව්වෙ ඔයාමද?
ReplyDeleteඔව් චාමි.
ReplyDeleteඇයි මම වගේ නෙමේද?
හ්ම්හ්. ඔයා නෙමේ වගේ. මට මේක මදි.
ReplyDelete(මට නොතේරෙන මොකුත් තියෙනවද දන්නෑ. කොහොමත් මම තේරෙන දේ ගැන විතරයි විශ්වාස කරන්නේ)
අද මම බලන්ගොඩ ගියා.උදේ පාන්දරම ගියේ.ඉතින් දැක්ක දෙයක් ලිව්වේ.ගැඹුරු මුකුත් නැහැ.මීදුම රබර් වතුවල හිරවෙලා...වලාකුළු දවල් වෙලත් තවම කඳු මුදුන් වල.
ReplyDeleteඉතින් එච්චේරයි.
එහෙමනං මදි.
ReplyDeleteඔයාගෙ කවි කියවලා අපි දැන් හොඳ ස්ටෑන්ඩර්ඩ් රසිකයො වෙලා ඉන්නෙ. ඉතිං අපි RS (Rasi standerd) බලාගෙන ඉන්නෙ.
(මේකට අදාල නෑ. මට ඔයාගෙ හොඳම කවිය
"..අප්පච්චී මියගියේය...!"
ඒක අමතක වෙන්නෙ නෑ කවදාවත්)
අපොයි!
ReplyDeleteබර වැඩියි ඔටුන්න.
මේ පෘත්ග්ජනයාට.
මේ පෘතග්ජනයා ගැන රසික අදහස්.
ReplyDeletehttp://ambagaha.blogspot.com/2010/08/blog-post_5767.html