Thursday, July 09, 2015

හුඟක් බොන් නෑ නේද?




"ඔබ මා දමා ගිය තැන 
රැඳී ඉමි තවම 
වැඩිවිය පවා නොපැමිණ.

ගිණි ගොඩකි ජීවිතය 
සඳුන් දර වුව 
දැවෙන විට දැවෙයි හද."

'දැන් හුඟක් රෑ වෙලා 
ඔයා ගිහිං නිදියන්න
ඉක්මනට ලොකු වෙලා 
ආයෙ දවසක එන්න.

මේව දැන ගත්තොතින් 
ගෙදර අය පව් නේද?
ඉඳහිටක මිසක ඔබ 
හුඟක් බොන් නෑ නේද?'

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කොක්ටේල් සාදයක මිස,හුඟක් බොන්නෑලු දැන්.

    ReplyDelete
  3. අනේ... ආයෙම ලියන්න අරං. කවි ටික සේරම මෙතනත් දාන්නකො අෆ්ෆා කම්මැලි නැතුව.

    පින්තූර හොයාගන්න උදව් කරන්න වුනත් පුලුවනි. :)

    ReplyDelete
  4. අගේ අැති පද ටික

    ReplyDelete
  5. ස්තූතියි රිවිනි,බස්සි ,කුරුටු!
    බස්සි පින්තූර හොයාගන්න උදව් කරන්න.

    ReplyDelete