Thursday, July 02, 2015

ලා රෝස නිය වර්ණ !!

.


ලා රෝස පැහැයෙන් 
නිය වර්ණ ආලේප කළ 
සිහින් දිගු අතැඟිල්ලෙන් 
ඇය ලියා තිබුණා කවියක්.

"මේ මෙතැන කවුළුව අස 
ඔබ ප්‍රියකරන ඇසළ සඳ. 
මදි පාඩුවක් වුණහොත්
අනන්ත තාරුකා අතරින් 
කිහිපයක් ඇහැරවා ගනු මැන."

ඇය ලියා තිබුනා කවියක් 
මා වෙතින් නික්මෙන්න පෙර!

3 comments:

  1. තාරුකා ඇහැරවගන්න ගිය හින්දද හඳ නික්මිලා තිබුනේ

    ReplyDelete
  2. මදි උනොත් තාරුකා
    තනියට එයිද චන්ද්‍රිකා...

    ReplyDelete