ඔබ ළඟ ඇතැයි
ඔබ සිතා සිටියාට
කොහේනම් වේද මගේ හදවත?
අයාලේ යන වළාකුලක ද
යාත්‍රා කරන මුහුදු රළක ද
පියාසර කරන වැසි බිඳුවකද
නතර වූයේ යළි නොඑන ලෙස ?
අරුණෝදයේ තුසර බිඳු මෙන් මල් මත
සන්ධ්‍යාවෙදී මිහිදුමක් මෙන් ගිරි හිස
රෑ මැදියමේ අන්ධකාරයව මිහි මත
පහළ වූයේ මගේ හදවත විය හැක.
මා ළඟ ඇතැයි
ඔබ සිතා සිටියාට
මා ලඟද නැත මගේ හදවත.
නොඉල්ලනු මැනැවි
නොසොයානු මැනැවි
නොවැළපෙණු මැනැවි
ඉතින් ඔබ .
අපූරුයි...
ReplyDelete