පව්කාරයෙකැයි පිටුවහල් කල විට පවා
ඔබට රැඳී සිටිය හැකියි
සොල්දරයට නගින පඩි පෙළ යට
ත්‍රිකෝණාකාර ඉඩ තුළ .
දූශිතයෙකැයි පහර දෙන දිනකද
ඔබ සඟවා තැබිය හැකියි
පොත් අල්මාරියත් බිත්තියත් අතර
මකුළු දැල් වැවුන අවකාශය තුළ .
සොරෙක්ය,මං පහරන්නෙක්ය වුව
උයනේ මල් ආරුක්කුව යට
ඔබට වෙන්කළ ඉඩක් ඇත
සීරුවෙන් සැඟවෙනු පිණිස .
දඬුවම් නියම නොකරමි
හොඳින් දැකිය හැකි බැවින්
ඔබේ ඇස් තුළ පැතිර පවතින
පශ්චත්තාපයේ සෙවණැල්ල .
//සොරෙක්ය,මං පහරන්නෙක්ය වුව
ReplyDeleteඋයනේ මල් ආරුක්කුව යට
ඔබට වෙන්කළ ඉඩක් ඇත
සීරුවෙන් සැඟවෙනු පිණිස .// මේ අපේ මාතලන් මාමට ලියපු එකක්ද?
පශ්චත්තාපය තරම් දඬුවමක් නැත විටක.
ReplyDelete"පොත් අල්මාරියත් බිත්තියත් අතර
ReplyDeleteමකුළු දැල් වැවුන අවකාශය තුළ ."
ඉඩ නම් මදි වගේ!!
මම කැමති මේකට !
ReplyDelete