Monday, July 13, 2015

පශ්චත්තාපයේ සෙවණැල්ල!!!





පව්කාරයෙකැයි පිටුවහල් කල විට පවා 
ඔබට රැඳී සිටිය හැකියි 
සොල්දරයට නගින පඩි පෙළ යට 
ත්‍රිකෝණාකාර ඉඩ තුළ .

දූශිතයෙකැයි පහර දෙන දිනකද 
ඔබ සඟවා තැබිය හැකියි 
පොත් අල්මාරියත් බිත්තියත් අතර 
මකුළු දැල් වැවුන අවකාශය තුළ .

සොරෙක්ය,මං පහරන්නෙක්ය වුව 
උයනේ මල් ආරුක්කුව යට 
ඔබට වෙන්කළ ඉඩක් ඇත 
සීරුවෙන් සැඟවෙනු පිණිස .

දඬුවම් නියම නොකරමි 
හොඳින් දැකිය හැකි බැවින් 
ඔබේ ඇස් තුළ පැතිර පවතින 
පශ්චත්තාපයේ සෙවණැල්ල .

4 comments:

  1. //සොරෙක්ය,මං පහරන්නෙක්ය වුව
    උයනේ මල් ආරුක්කුව යට
    ඔබට වෙන්කළ ඉඩක් ඇත
    සීරුවෙන් සැඟවෙනු පිණිස .// මේ අපේ මාතලන් මාමට ලියපු එකක්ද?

    ReplyDelete
  2. පශ්චත්තාපය තරම් දඬුවමක් නැත විටක.

    ReplyDelete
  3. "පොත් අල්මාරියත් බිත්තියත් අතර
    මකුළු දැල් වැවුන අවකාශය තුළ ."

    ඉඩ නම් මදි වගේ!!

    ReplyDelete