Sunday, July 12, 2015

ඇතුගලත් වැළපෙනවා!!!


.
""ඔයා දන්නවද 
මං ඉන්නේ ඇතුගල්පුරේ යන මග.""

'සිළි සිළි ගගා 
මල් මුතුළැල් වහින්නෑ නේද අද?'

""කලුපාට වලාකුල් මෝදුවෙනවා 
ඇතාගල උඩ .""

'නම නොදන්නා ගස්වල 
මල් පිපෙන් නෑ නේද තව?'

""කඳුළු ඇස් බිම නමාගෙන 
ගස් ඉන්නකොට දුක හිතෙනවා මට.""

'අපේ ඉස්කෝලේ ළඟ 
නෑ නේද අඹ අච්චාරුකාරයෝ හෙම?'

""බොකුටු කොණ්ඩයක් තියෙන කොල්ලෙක් 
බලා ඉන්නවා ගේට්ටුව ළඟ.""

'වැව රවුමෙ අතින් අත ගෙන
පෙම්වතුන් ඇවිදිනවද?'

""අඳුනන්නත් බෑ නුග ගහ යට 
අපි සිප ගත්තු තැන .""

'දුක් ගන්න නරකයි 
ඇතුගල වගේ ඉන්නව මිස '.

""වැළපෙනවා ඇතුගලත් 
හැම වැස්සකට පස්සෙම .""

1 comment:

  1. //"කඳුළු ඇස් බිම නමාගෙන
    ගස් ඉන්නකොට දුක හිතෙනවා මට//
    මේ තමා එතැන,
    බරැති සුසුමක් ගිලිහෙනා තැන.

    //වැළපෙනවා ඇතුගලත්
    හැම වැස්සකට පස්සෙම .//
    මේ තමා එතැන,
    හීන් ඉකියක් හිරවෙනා තැන.

    ReplyDelete