Sunday, July 12, 2015

ශෝක ගත යුතු නැත.!!!




ප්‍රියාවිය,
නම කියා අමතනු නැතැයි 
ශෝක ගත යුතු නැත.

දිනකට එක බැගින් 
නම් තියේ නම් රාත්‍රියට 
සිහි තබා ගනු නොහැකිය.
සුළඟ සුළඟම මිස 
විශේෂණ පද නුසුදුසුය.
අහසට වෙන නමක් කිව්වොත් 
සිනා යන සුළු නොවේද?

ප්‍රියාවිය,
බොහෝ නම් ඇති ගැහැණුන් 
පෙමින් බැඳුනෝය පෙර කල.
අත්හැර දමා ගියවිට 
ශෝකවූයෙමි බොහෝ කල් 
නම් තිබූ හෙයින් ඔවුනට.
නමක් නැති කිසිවෙකුත් 
මතකයේ රැඳෙනු උගහටය.

එහෙයින් ප්‍රියාවිය,
නම කියා අමතනු නැතැයි 
ශෝක ගත යුතු නැත.

සඳ රැසක් මෙන් වැතිර හිඳ 
නිසසලව නික්මෙනු මැනවි .
මඳනලක්‌ සේ හමාවිත් 
රහසේම පිටවෙනු මැනවි .
වෙණ නදක් සේ ගලාවිත් 
හිතුමතේ නවතිනු මැනවි .
සිහිනයක් සේ රෑ පුරා 
පැමිණ ආපසු යනු මැනවි .

7 comments:

  1. //නමක් නැති කිසිවෙකුත්
    මතකයේ රැඳෙනු උගහටය.//

    //දිනකට එක බැගින්
    නම් තියේ නම් රාත්‍රියට
    සිහි තබා ගනු නොහැකිය.
    සුළඟ සුළඟම මිස
    විශේෂණ පද නුසුදුසුය.
    අහසට වෙන නමක් කිව්වොත්
    සිනා යන සුළු නොවේද?//

    අපූරුයි සින්ඩරෙල්ලා...!!

    ReplyDelete
  2. ලස්සනයි................

    ReplyDelete
  3. මෙන්න බොලේ වර්ණ රසී
    ආයෙ ලියනවා
    කවුද පාර කිවුවෙ මිසී
    බ්ලොගිය අහනවා
    අනේ! කවුද පාර කිවුවෙ මිසී
    බ්ලොගිය අහනවා
    මෙන්න අපේ වර්ණ රසී
    ආයෙ ලියනවා

    (බයිලා තාලෙට ඈ!)

    ReplyDelete
  4. තුන් දෙනාටම ස්තුතියි .පණ්ඩිතකම් කිව්වට බස්සි කෝ අපිට පින්තූර හොයා ගන්න තැන් ??

    ReplyDelete
  5. ලස්සන කවිය
    ජයවේ!

    ReplyDelete
  6. වෙණ නදක් සේ ඇවිත් හිතු මතේ නවතිනු මැනවි
    සිහිනයක් සේ රෑ පුරා පැමිණ යනු මැනවි....

    ReplyDelete