Saturday, July 11, 2015

රූටා වැටෙමු !!!






.
කඳු මුදුණින් රූටා වැටෙමු 
මීදුමට
පිණි කලම්ඹා 
ලිලී මල් යාය මත.
ඔබ හිඳී නම් මා සමග 
අතින් අත බැඳ 
ආදරේ යැයි මුමුණමි 
සිහිසුන් වෙන්න පෙර!

9 comments:

  1. ලස්සනම කවියක් :)

    ReplyDelete
  2. සිහි එළැඹුණු පසුත් පවසමි
    ආදරෙයි මම නුඹට හැමදාම එක වගේ
    ලස්සන කෙටි කවියක්
    ජයවේ වර්ණරසී!

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. සියක් පිණි කැට උඩ පැන
    මවන්නේ වක ගැහුනු දේදුණු පොඩිතිය
    නෝක් සුසුවඳ කැටිකර
    සුලං රැල්ලක වෙලෙන්නේ මල් කිණිතිය

    ඔබේ අත්ලත සැඟවුන
    හදක් ඇත සෙනෙහසින් නිති ගැබ්බර වුන
    උණු හාදු දියරක් ගෙන
    දොලදුකකි සරතැස නිවන්නට අයැදින

    ReplyDelete
    Replies
    1. *නො'එක් සුසුවඳ කැටිකර
      printing mistake :P

      Delete
  5. වර්ණා,ඔමා ,බසු ස්තුතියි!

    ReplyDelete