Saturday, April 11, 2015

කිරි තේද ?නිකම් තේද?



"අද රෑට කන්නෙ මොනවද?
මාළු හොදි ඇති 
ගමුද පරාට?
කිරි තේද ?නිකම් තේද?
සීනි අඩුවෙනුයි දැම්මෙ ඔන්න.
ඔයා රෙදි මදිනකොට 
මගේ හැට්ටෙත් මදිනවද?

මට නිදිමත නෑ 
තව ටිකක් ඉඳල එන්නං 
ඔයා නිදාගන්න.
කොට්ටෙ පැත්තකින් තියන්න 
බෙල්ලට හොඳ නෑ දන්නවනෙ .
ඇස් වලට බේත් දාගන්න.
කොලේස්ට්‍රෝල් පෙත්ත අමතකවෙයි."

ඉනික්බිති දෙබස් අවසන් වෙයි.
පලක් නැති පද පෙළක් ලියවෙයි.
කවුළුවෙන් එපිට සඳරැස් වැටෙයි 
කවුළුවෙන් මෙපිට ඝන කළුවරයි.

1 comment:

  1. මේ කවියෙන් රාසිගේ වයස අහුවෙනවද මන්දා. රාසි වයසට යන්න බයද?

    ReplyDelete