Saturday, April 11, 2015

කවුරු වගේද කියලා කවුරුහරි අහයි .!!!

.
බය වෙන්න එපා ළමයෝ !

ළමයි ඇහුවොත් උත්තර දෙන්න. 
සෙනසුරාදට ස්කයිප් කරනව කියන්න
සිංහල අවුරුද්දට එනව කියන්න 
චොක්ලට් ගෙනාවොත් දෙන්නං කියන්න.

ටීචට සාරියක් මං අරන් දෙන්නම් 
තාත්ත ගෙනාව කියල ගිනිහිං දෙන්න.
ලොකු රස්සාවක් කරන හිංදා 
නිවාඩු ගන්න අමාරුයි කියන්න.

කවුරු වගේද කියලා 
කවුරුහරි අහයි .
කෝකටත් ..,
මාමගෙ ෆොටෝ එකක් 
ළඟ තියාගන්න.

3 comments:

  1. මට මේ කවිය එකිනෙකට වෙනස් අර්ථ 4 කට කියවන්න පුළුවන්. ඒත් ඒ කියවිල්ලකම අගදී මගේ පපුව එකම විදියට පත්තු වෙනවා. දන්නේ නැහැ ඇයි කියල. අනේ රසි... මේකේ මුල් කතාව ගැන ඉඟියක්වත් දෙන්නකෝ. මට නින්ද යන්නෙත් නැති ගානයි...

    ReplyDelete
  2. පියා නොදත් දරුවෙක්, පියා හැරගිය දරුවෙක් හෝ පියා සිරගත වූ දරුවෙක් වෙන්න පුලුවන්. පියා මිය ගිය දරුවෙක් ඒක හංගන්න ඕන නැහැ. උපේක්ශා මොකද්ද හතරවෙනි එක?

    ReplyDelete
  3. පියා නොදත් දරුවෙක්, පියා හැරගිය දරුවෙක් හෝ පියා සිරගත වූ දරුවෙක් වෙන්න පුලුවන්. පියා මිය ගිය දරුවෙක් ඒක හංගන්න ඕන නැහැ. උපේක්ශා මොකද්ද හතරවෙනි එක?

    ReplyDelete