Saturday, April 11, 2015

ඇහැට රොඩ්ඩක් ගියා කියන්න.!!

.
දුවේ!
අද හවසට තාත්ති එයි 
ඔයාලව ඇවිදින්න එක්ක යන්න. 
අළුත් අම්මත් එක්ක 
හිනාවෙලා කතා කරන්න.
මල්ලිට මුකුත් තේරෙන් නෑ 
පරිස්සමින් උත්තර දෙන්න.

මැක් ඩොනල්ඩ්ස් හරි කේ.එෆ්.සී හරි ගියොත් 
ආස දේවල් අරගෙන කන්න. 
ඒ වෙලාවට නිකමටවත් 
මං ගැන එපා හිතන්න. 
බැරිවෙලා හරි දුක හිතුනොතින් 
ඇහැට රොඩ්ඩක් ගියා කියන්න.

5 comments:

  1. එවන් දුකක් වසා කියවෙන මෘදු වදන්....

    ReplyDelete
  2. කවියත් කථානායිකාවගේ සිතිවිල්ලත් අගෙයි.

    ReplyDelete
  3. කවියත් කථානායිකාවගේ සිතිවිල්ලත් අගෙයි.

    ReplyDelete
  4. පත්තරේ ගියා නේද මේ කවිය?? (ලක්බිමේ වගෙයි මතක)
    මට මතකයි රසවින්දා

    ReplyDelete
  5. කී සැරයක් කියෙව්වද මතක නැති කවියක් , ජය වේවා...

    ReplyDelete