Saturday, April 11, 2015

සිගරෙට්ටෙක නිමිලා!!!

.

නොරටක හිඳ 
ගමරට බලා එන හැමවිට 
ඔබේ නිවසට ලංව 
සිගරට්ටුවක් බොනු පිණිස 
නවතිමි.

මහලු වුව දං ගස 
ඉඳහිට ඵල දරයි.
දම්පාට දත් ඇති
ජංගියක් හැඳ සිටින කෙල්ලක 
මා දැක කෝළ වී පැන දුවයි.

මල් ගවුමක් හැඳි 
ළපටි යෞවනියක්
බිම් මල් නෙළනු වස් 
කුල්ලක් අතින් ගෙන 
යුහුසුළුව පිය මනියි.

සුන්දරම තරුණියක් 
වක් ඔයෙන් දිය නා 
දිගු ගෙළ පෙන්නමින් 
තෙත කෙහෙ පිස දමයි
රෝස තොල් උල්කර ආදරේයැයි කියයි.

"සර් සිගරෙට්ටෙක නිමිලා" 
රියදුරු කොහේදෝ හිඳ කියයි .
ජීවිතය ගලා යා යුතු තමයි
ඒත් ...........,

'ඔව්.අපි යං '.

3 comments:

  1. අගේ ඇති කවිය සින්ඩෙරෙල්ලා... අනිත් කවිත් කියෙවුවා...ලස්සනයි.

    ReplyDelete
  2. ස්තුතියි අනේ මන්දා!

    ReplyDelete
  3. ලස්සනයි සින්ඩරෙල්ලා
    https://adauwwaby.blogspot.nl/?m=0
    මේ පැත්තෙත් එන්න

    ReplyDelete