Friday, April 03, 2015

ළය පළා විමසමි!!!



ඔබේ ළය තුළ 
තවම මා හිඳීදැයි 
නොවිමසමි සකිසඳ.

පුරු පුරු ගගා පාළුව 
දැවටෙන මෙවන් මොහොතක 
මගේ ළය පළා විමසමි ප්‍රේමය.

නැතිවුණ කොන්ඩ කටුවක 
කමිසයේ පැටලුණ කෙහෙරොදක 
කතා ඇත මිහිරකට මුසුවුණ .

'ස' ප්‍රසංගය අතරතුර 
හෙමින් උරහිසට වාරුවුන 
කවියකි ශෝක දනවන.

රේල්ලුවක බස් රියක 
මහත් වැසි සහිත කවුළුවක
දර්ශනයකි වරින් වර.

මහත් වෙර වෑයමින් 
වසාලන්නෙමි මතකය 
තවමත් වැසි වැටේ පෙරලෙස.

4 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ ලින්ක් එක අපට මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. නොවිමසමි
    දනිමි
    සෙවනැල්ලක් සේ
    සුසුම් ඉරක් සේ
    හිඳින බව, මම
    නුඹ ළය තුළ ද

    ඉහිරෙන වැස්සක ද
    නිල් පෑ අහසක ද
    කළුවර මතකෙක ද

    එක ලෙසට

    ReplyDelete
  3. උණුහුමකි ගත පුරා විහිදෙන
    ආසන දෙපස නැලැවෙන කුසුම් පොකුරුය
    සිහින් කෙහෙරැලි කොපුල් අද්දර රඟදෙන
    වසත් කැල්මක වෙළෙයි දුමරිය මැදිරිය

    ඇසෙයි උස් සිනහවක කිංකිණි රාවය
    දිසෙයි සැර අකුණක් දිගැටි නෙතු කෙලවර
    සවන් පෙති මත සියුම් ආදර හාදු ය
    සරත් හිරු මේ දුම්රියක කොහෙ යනවද?

    මැදිරියේ කවුළුවට පිටතින් ඇලවුන
    පින්තූරයක් විය යුතුය මේ වැහි පොද
    තෙමුණු කුඩයෙන් ගලන දොළ පාරක් මැද
    දණ්ඩි ඕපාදූප අහුලති උඩපැන

    ReplyDelete
  4. හැමෝටම ස්තුතියි!

    ReplyDelete