Wednesday, April 02, 2014

වවුල් ගීයක්!!!

Arvind Kolapkar
.
රන්වන් වතක් යට 
හැඩිදැඩි උරක් මත 
සැතපෙන්න තහනම්ද 
බණ්ඩාරේ අපට.

හෙන ගහන අඳුරක 
වෙණ හඬක් නෑහුනත්
සීපද කියන්න අකැපද 
කියහන් ඉක්මනට.

හඳ හැංගෙනා රෑක 
යටි උගුරින් ඇහෙන 
වවුල් ගීයක් වගෙද 
මගේ පෙම නුඹට .

4 comments:

  1. වවුල් ගීයක්ද වවුල් සිරියක්ද??

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක්..........

    ReplyDelete
  3. ස්තූතියි දේශකයා,කුරුටු සහ දිනේෂ්ට!

    ReplyDelete