Thursday, April 24, 2014

තවමත් මීදුමින් පිරෙයි!!!








ඇවිද යන අතරතුර 
කඳුකර පාළු පෙදෙසක 
මීදුම් ඇවිත් වසාගති
අප දෙදෙන හා පොළොවද . 

'ලේන්සුව දෙන්නද 
ඔතා ගන්නට මීදුම '
ඇසුවා ඔබ සෙමෙන් 
දයාබර සොයුරෙක් ලෙස.

අළස තාරාවෙක් 
තම පියාපත් වේලමින් 
දිය කඩිත්තක් අසල සිටියා 
මඳක් බියරැඳි විළසින .

ජැම්සන් ගසක එල්ලී 
සිවුරු හඬ නැංවූයේ 
බට්ටිච්චෙක්ද යනවග 
පෙම්වත අමතකය මට.

මීදුම පහව ගොස් 
බොහෝ අවුරුදු ගෙවී ගියමුත් 
තවමත් මීදුමින් පිරෙයි 
දෑස ඔබ සිහිවෙන කල.

No comments:

Post a Comment