Thursday, April 24, 2014

ගූගල් සිතියම්!!!


.
වලාකුළු රහිත අහසක 
තවත් ඉතිරිව ඇත 
එකම එක තාරුකාවක් 
බිම වැටෙන්නට අකමැති.

වැහි බිඳක් වැටෙන හඬ වුව 
සදයි සුළු හෝ ශබ්දයක් .
මල් පෙති දිගහැරෙන අන්දම 
කාට ඕනිද දැන ගන්න.

ඉතිරිව ඇත්නම් එකක් දෙකක් 
මුහුණ පෙන්වන්න කැමති කඳු 
දිගු කබා ලාගත් තරුණයෙනි 
මෙන්න ඒ ඔබේ වාරයයි.

අතරමංවීමේ ප්‍රීතිය 
විඳින්න ඉඩ දෙන්න තව ටිකක් 
අකුලමි ගූගල් සිතියම් 
ප්‍රතිචාරයක් නොමැත ඔබ ඇමතු අංකයෙන්.

5 comments:

  1. දන්වා එවා ඇත
    රහස් පණිවිඩයක්
    තෝරා ගත්තාද..??
    කියා එවූ දෙය..

    අන්න අර අතන
    එක පුංචි වැහි බිඳක්
    වැටෙන්නට අකමැතිව
    පය ආපස්සට තියන..
    -නාඳුනන හඳුනන්නිය-

    ReplyDelete
  2. වැහි බිඳු අතර මැද
    මට ඇහුනෙ නම් නිහඬ බව
    පෙති වල සුවඳ මිස
    මොකටද දිග හැරෙන හඬ

    අතරමං ප්‍රීතිය
    හොඳයි මුලු ජීවිතයටම
    ප්‍රතිචාරයක් මොකටද
    අංක පැටලී ඇති විට

    මේ චිත්‍ර හරිම ලස්සනයි. කොහෙන්ද අනේ ගත්තෙ?
    මන්ද්‍රී

    ReplyDelete
  3. ස්තුතියි හඳුනන නාඳුනන හැමට!

    ReplyDelete
  4. ඇයි අතරමං වෙලාද....?

    ReplyDelete