Friday, April 04, 2014

වම් ඇහිබැමට ඉහළින් !!!


.
වම් ඇහිබැමට ඉහළින් 
තිබුනා කුඩා ඉන්නෙක් 
තරහ ගිය වෙලාවට 
රතු වෙන.

කොතෙක් වෙර දමා පීරුවත් 
කුඩා කෙස් කැරැල්ලක් 
නළලට වැටෙනවාමයි 
හැමවිට.

කොටු කොටු කමිස වලට 
වැඩියෙන්ම කැමතියි 
කළු කලිසම් වලට 
ගැළපෙන. 

මගුල් දවසෙදි වුනත් 
තිබුන්නෑලු හිනාවක් 
කවුරුත් කතාවුනේ 
ඒ ගැන .
අවුරුදු ගානකින්  
ලියුමක්වත් නොඑව්වේ 
පුංචි දූ  හැංගුවද 
ලිපිනය?

3 comments: