.
හෙවණැලි ඇදී
වක්වී ඉතා දික්වී
යනයුරු නරඹනවාද
හෙවනැල්ලද අහිමිවී.
රාත්‍රිය සෙමෙන් පියමැන
කරගැට පිරිමදී දහවල
මට හිමි කඳුළු එක්කර
බහාලනු මැන රිදී බඳුනක.
ඝණ්ටා හඬක් මෙන්
දුර ඈත පල්ලියක
ඇසෙනු ඇත ප්‍රතිරාව
ගිලගත් සියුම් ඉකියක.
අවසානයේ ඉතුරු වැළපීමක් විතරයි..
ReplyDeleteඉතා නිහඬ!
ReplyDeleteකිම අරුම..
ReplyDeleteඑක කම්මුලක් මදි වී
අනෙක් කම්මුලද දීමට
කියා දුන් දහම නොවෙද මෙය
.
ReplyDeleteහාදුවක්
එක පසෙකටද
අත් පහරක්
අනෙක් පසටද
ජීවිතය නම් මෙයය.