Sunday, March 02, 2014

අකාළයේම !!






මඳ දුරක් ඉගිළ ගොස්
හති වැටෙන්නට කලින්
නතරවූ අත්තටුව.


ගං දියේ පාව ගොස්
වැලිතලය බදා ගත්
කොස් කොළය.

බිම වැටෙන්නට පෙරම
තුරු හිසක හිස හෙවූ
පිණි බිඳුව.

උනන්නත් පෙරාතුව
වියලෙන්න නියමවූ
උණු කඳුළ !

3 comments: