Saturday, March 29, 2014

ගිලගත් සියුම් ඉකියක් !!

.
හෙවණැලි ඇදී 
වක්වී ඉතා දික්වී 
යනයුරු නරඹනවාද 
හෙවනැල්ලද අහිමිවී.

රාත්‍රිය සෙමෙන් පියමැන 
කරගැට පිරිමදී දහවල 
මට හිමි කඳුළු එක්කර 
බහාලනු මැන රිදී බඳුනක.

ඝණ්ටා හඬක් මෙන් 
දුර ඈත පල්ලියක 
ඇසෙනු ඇත ප්‍රතිරාව 
ගිලගත් සියුම් ඉකියක.

4 comments:

  1. අවසානයේ ඉතුරු වැළපීමක් විතරයි..

    ReplyDelete
  2. කිම අරුම..

    එක කම්මුලක් මදි වී
    අනෙක් කම්මුලද දීමට
    කියා දුන් දහම නොවෙද මෙය

    ReplyDelete
  3. .
    හාදුවක්
    එක පසෙකටද
    අත් පහරක්
    අනෙක් පසටද
    ජීවිතය නම් මෙයය.

    ReplyDelete