Friday, July 04, 2014

මස්කාරා බිඳුවකට වහන්ව !!!


 
.
ඇහි පිල්ලමක් යට 
මස්කාරා බිඳුවකට වහන්ව 
ඉන්න හපනෙකි
ඔබ.

උඩු තොළ අසබඩ 
හීන් දාඩිය බුබුළක 
කෙසේ සැඟවිණිද 
ඔබ.

විළිවැදුණු කම්මුලක 
වක් ගැහුණු සුළියක 
දඟ නොකර ඉන්න හැටි 
ඔබ.

ගුහාවක සිරකර 
වසා ඇතිමුත් ළය 
ගල් දොර සිඳ ඇති වගයි 
ඔබ.

5 comments:

  1. නැත අපට
    කවදාවත්
    මස්කාරා
    අහක බැලුවේ

    ReplyDelete
    Replies
    1. හා මස්කාරා කියන්නේ මොනවද කියලා දන්නවනම් කියමු බලන්න..... හැක්...

      දේශකයා ඇණගෙන ඇත...

      Delete
    2. දේශා හිතන්න ඇත්තෙ මස්කාරා කියන්නෙ කෙල්ලෙක්ගෙ නමක් කියල. මොනාද ඔට්ටු? :D

      Delete
  2. කවිය නියමයි................. අපේ සුභපැතුම්

    ReplyDelete
  3. මම හිනාවෙන්නද?

    ReplyDelete