සුමිතුර,
සපැමිනෙන්න
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
මම මා කියවන අයුරු .
මෙතෙක් නොකියවූ ඡේද
තරමක් ඉහළ ස්වරයෙන්ද
සෘංගාරාත්මක කොටස්
ඉතා රහස් හඬකින්ද
මා කියනයුරු අහගන්න.
ප්‍රකාශයට පත්කර ඇති
ප්‍රසිද්ධ පරිච්ඡේද
නොකියවමි නැවත.
විනිශ්චය කර ඇති හෙයින්
මීට පෙර.
වෙහෙසක් දැනේනම් ඔබට
නැගිට යා හැක නොකියාම.
අදහස් දක්වණු පිණිස
හිස් පිටු කීපයක් ඇත ඉතිරිව.
ඔබ ඔබව කියවනා අයුරු අපූරුයි
ReplyDeleteඔබේ රචනාවන් වෙනදා වගේ ම අපූරුයි...... ඒ විලාසයට අපිනම් හරි ම ආසයි... අගෙයි නිර්මාණය
ReplyDeleteසුමිතුර
ReplyDeleteඔබ ඔබව පබඳින්න
පිටදී මල් හලන ගසකට
මම අසා සිටිතැයි නොසිතාම
නොයා ඉන්නට බැරි නම්
නැගිට යන්නෙමි නොදොඩාම
ඔබේ කවිකම් දැහැනට
හුස්මකින්වත්
අකුල් නොහෙලාම
ඉසිඹුවක් ලද ඇසිල්ලේ
යලිදු එන්නෙමි පෙරසේම
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
ඔබ ඔබව කියවනයුරු
ඔබේ කවි පේලියක් ඇතුලෙන්
මම මාව දකිනා ඇසිල්ලක
හිස් පිටක සටහන් තබන්නෙමි
මුවින් වදනක් නොදොඩාම
:) :)
පැමිණියෙමි සුමිතුරිය -ඇහුම්කන් දෙනු පිණිස
ReplyDeleteපිටදී මල් හලන ගසකට
නුඹ නුඹව -කියවන අපූරුව
කෙසේ මුනිවත - රකිම් මම
කන්කලුය ,විච්ත්‍රය
ලෙන්ගතුය නුඹේ ස්වරය
රැදෙන්නම් - නිරතුරුව
අසන්නට ඔබ කවිය
නොනැවතී ඉදිරියට
ගයමින්ම නුඹ යන්න
;)
ගොඩක් ස්තුතියි ලිහිණි,ගී පවුර,බස්සි සහ දිලිනි ට.කියවනවාට ,ලියනවාට.
ReplyDeleteවිසිතුරුය
ReplyDeleteසුන්දරය
නැවත එන්නට
සලකුණු කලෙමි
මග හසර
හිම දියවෙන්න පෙර එන්න පව්ලුෂා!
ReplyDeleteවෙහෙස නිවෙය් කවි ඇහුවාම
ReplyDeleteනැගිට යන්නට හිතක් නැ මට
ඔබ කියවනා අයුරුදෙස
මගේම කියවීමකින් බලා හිදින්නම්...
වරක් නිකුමුනද
නැවතන්නට මිස
නොව නැවත නොඑන්නට...
This comment has been removed by the author.
ReplyDeleteබස්සිගෙන් පාර අසා ගෙන ආවෙමි.. අපුරු සිතුවිලි අහුරක් මැද තනි වන්නට..
ReplyDeleteමහේෂ්,දිලිණි ,මොණරි කවි කියෙව්වට ස්තුතියි!
ReplyDeleteබස්සිගේ ඔත්තුවකට ආවේ.. කවි රස විදින්න දිගටම එන්න අවසර...
ReplyDeleteආදරෙන් පිලිගනිමි!
ReplyDelete