Monday, July 21, 2014

මම මා කියවන අයුරු .!!!



සුමිතුර,
සපැමිනෙන්න 
පිටදී මල් හලන ගසකට 
ඇහුම්කන් දෙනු පිණිස 
මම මා කියවන අයුරු .

මෙතෙක් නොකියවූ ඡේද
තරමක් ඉහළ ස්වරයෙන්ද 
සෘංගාරාත්මක කොටස් 
ඉතා රහස් හඬකින්ද 
මා කියනයුරු අහගන්න.

ප්‍රකාශයට පත්කර ඇති 
ප්‍රසිද්ධ පරිච්ඡේද
නොකියවමි නැවත.
විනිශ්චය කර ඇති හෙයින් 
මීට පෙර.


වෙහෙසක් දැනේනම් ඔබට 
නැගිට යා හැක නොකියාම.
අදහස් දක්වණු පිණිස 
හිස් පිටු කීපයක් ඇත ඉතිරිව.

13 comments:

  1. ඔබ ඔබව කියවනා අයුරු අපූරුයි

    ReplyDelete
  2. ඔබේ රචනාවන් වෙනදා වගේ ම අපූරුයි...... ඒ විලාසයට අපිනම් හරි ම ආසයි... අගෙයි නිර්මාණය

    ReplyDelete
  3. සුමිතුර
    ඔබ ඔබව පබඳින්න
    පිටදී මල් හලන ගසකට
    මම අසා සිටිතැයි නොසිතාම

    නොයා ඉන්නට බැරි නම්
    නැගිට යන්නෙමි නොදොඩාම
    ඔබේ කවිකම් දැහැනට
    හුස්මකින්වත්
    අකුල් නොහෙලාම

    ඉසිඹුවක් ලද ඇසිල්ලේ
    යලිදු එන්නෙමි පෙරසේම
    පිටදී මල් හලන ගසකට
    ඇහුම්කන් දෙනු පිණිස
    ඔබ ඔබව කියවනයුරු

    ඔබේ කවි පේලියක් ඇතුලෙන්
    මම මාව දකිනා ඇසිල්ලක
    හිස් පිටක සටහන් තබන්නෙමි
    මුවින් වදනක් නොදොඩාම


    :) :)

    ReplyDelete
  4. පැමිණියෙමි සුමිතුරිය -ඇහුම්කන් දෙනු පිණිස
    පිටදී මල් හලන ගසකට
    නුඹ නුඹව -කියවන අපූරුව

    කෙසේ මුනිවත - රකිම් මම
    කන්කලුය ,විච්ත්‍රය
    ලෙන්ගතුය නුඹේ ස්වරය

    රැදෙන්නම් - නිරතුරුව
    අසන්නට ඔබ කවිය
    නොනැවතී ඉදිරියට
    ගයමින්ම නුඹ යන්න
    ;)

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි ලිහිණි,ගී පවුර,බස්සි සහ දිලිනි ට.කියවනවාට ,ලියනවාට.

    ReplyDelete
  6. විසිතුරුය
    සුන්දරය
    නැවත එන්නට
    සලකුණු කලෙමි
    මග හසර

    ReplyDelete
  7. හිම දියවෙන්න පෙර එන්න පව්ලුෂා!

    ReplyDelete
  8. වෙහෙස නිවෙය් කවි ඇහුවාම
    නැගිට යන්නට හිතක් නැ මට
    ඔබ කියවනා අයුරුදෙස
    මගේම කියවීමකින් බලා හිදින්නම්...

    වරක් නිකුමුනද
    නැවතන්නට මිස
    නොව නැවත නොඑන්නට...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. බස්සිගෙන් පාර අසා ගෙන ආවෙමි.. අපුරු සිතුවිලි අහුරක් මැද තනි වන්නට..

    ReplyDelete
  11. මහේෂ්,දිලිණි ,මොණරි කවි කියෙව්වට ස්තුතියි!

    ReplyDelete
  12. බස්සිගේ ඔත්තුවකට ආවේ.. කවි රස විදින්න දිගටම එන්න අවසර...

    ReplyDelete
  13. ආදරෙන් පිලිගනිමි!

    ReplyDelete