Thursday, July 03, 2014

මොහොතක් තියා තිරය වැසෙයි!!!


.
හමුවෙන්න මොහොතක් තියා 
අප දෙදෙන 
තිරය වැසෙයි. 
ලන්තෑරුම් දැල්වෙයි. 
මහත් ඝෝෂා කරමින් 
නරඹන්නන් පිටවෙයි.

නැවත නැවතත් 
මෙයම සිදුවෙයි.
වැසුණු තිරයෙන් මෙපිට 
කඳු අතර පහන් දැල්වෙයි.

නිදිමත කොවුලෙක් 
සියුම් කූජනයක් නගයි.
හිම මෙන් සීතලට 
සුළැඟිලි පහසක් දැනෙයි.

එහෙත්..,
හමුවෙන්න මොහොතක් තියා 
අප දෙදෙන 
තිරය වැසෙයි.

5 comments:

  1. මොනා කරන්නද පිටපත ලියපු හැටි නේ.

    ReplyDelete
  2. නැවත නැවතත්
    මෙයම සිදුවෙයි.
    අගෙයි රසී ...

    ReplyDelete
  3. ඔබටත් තුති!

    ReplyDelete