Tuesday, July 29, 2014

පපුවට කන තියලා බලන්න ඇත්නං !!!

.
ඕනිනං ඩිංගක් 
මහත්වෙලා ඇති 
ඉස් මුදුනෙ කෙස්ගස් 
තුනී වෙලා ඇති.
පපුවට කන තියලා 
බලන්න ඇත්නං 
හරියටම අඳුනගන්න හැකි.

12 comments:

  1. පපුව ඇතුලටම කන තියලා බලන්න පුළුවන් නම් ??

    ReplyDelete
  2. ඒ විදියටම ඇහෙයිද?

    ReplyDelete
  3. මොකක්ද ආදරේද? සංසාරෙදි ඇහෙන්නේ නෑ..

    ReplyDelete
  4. මේ අහවලා
    මගේ හිත ගත් එකා...
    උගෙ පපුවෙ සද්දෙ
    මං තරං අදුනන්නෙ
    වෙන කව්ද...

    කාලෙකිං ඇවිත්
    හිත උඩම නැවතිලං
    හක්කලං කරනවා...

    අපූරුයි... ජයවේවා

    ReplyDelete
  5. කනතියල බලන්න
    බයක් හිතුනා විටෙක
    වෙන නමක තාලයට
    පපුව ගැහුනොත් එහෙම
    දරාගන්නේ කොහොම
    නුඹ ම‍‍ගේ නොවන වග ...

    ලස්සනයි රසී ...

    ReplyDelete
  6. සමහර වෙලාවාට ඩිංගක්වත් වෙනස් වෙලා නැතුවත් ඇති............................

    ඒත් සමහර වෙලාවට..................

    ReplyDelete
  7. ලස්සනයි රසී... හැබෑවටම පපුව ගැහෙන තාලෙ වෙනස් වෙලා නම්?

    ReplyDelete
  8. වෙනස් වෙලා හරි පපුව ගැහුනොත් ඒ ඇති.

    ReplyDelete
  9. ඔබේ පපුතුර හඬනු ඇසුණා
    ඔබේ හද ගැබ ගල්ව තිබුණා
    හුස්ම ගන්නා වරක් පාසා
    ඔබේ අත් මා දෑත වෙලුණා!

    ReplyDelete
  10. ඔබේ පපුතුර හඬනු ඇසුණා
    ඔබේ හද ගැබ ගල්ව තිබුණා
    හුස්ම ගන්නා වරක් පාසා
    ඔබේ අත් මා දෑත වෙලුණා

    පිය නඟන් ආ කටුක මං තුළ
    දෙපා තැවු ගල් මුගුරු හඳුනා
    විසල් සුනිමල් සියපතක් වී
    ඔබ මගේ හද විලෙහි පිපුණා

    කල් ගෙවී අප වෙන්ව යන දින
    යළි යළිත් හමුවෙන්න ගිවිසා
    ඔබේ රතදර සිපගනිමි පිය
    ඔබ මගේ හද ගබේ රන්දා

    ReplyDelete
  11. කඳු කඳු කඳු!!!!

    ReplyDelete