Sunday, July 27, 2014

ගිලුණු තරු!!

.
කූරු ගා විල් දිය
ගිලුණු තරුවක් සොයයි 
මඳනල.

වියෝ ගීයක් ගයයි 
හිස් වෙන්න ආසන්න 
මධුවිත.

පහන් තිරයක් නිමෙයි 
මහත් එළි විසිරුවා 
අවසන .

11 comments:

  1. ඉන්න බෑ වෙරිමතයි
    වර යන්න
    නිදියන්න

    ReplyDelete
  2. ගිළුන තරු ඇහිදලා ඉතින් වැඩක් තියෙනවද??

    ReplyDelete
  3. අපූරුයි... ලස්සන කවියක්..
    ජයවේවා

    ReplyDelete
  4. පහන් තිරයක් නිමෙයි
    මහත් එළි විසිරුවා
    අවසන .

    ජීවිතය එසේමැයි ....
    බෝ කෙටියි
    නමුත් නැත ඉසිඹුවක්

    ReplyDelete
  5. පහන් තිරයක් නිමෙයි
    මහත් එළි විසිරුවා
    අවසන .
    සියල්ල අනිත්‍යයි

    ReplyDelete
  6. ආවොතින්
    යායුතුමය.

    ReplyDelete
  7. මේක කියෝලා මට හිතට ආපු අදහස මෙතන කිවුවොත් ගුටි කන්න තමා වෙන්නේ..ගොඩක් වෙනස් තේරුමක් මට ආවේ..

    ReplyDelete
    Replies
    1. හොරෙන් කියන්න රෙහානියෝ මට ඉතරක්. මං කාටවත් කියන්නෑ ඕං

      Delete
  8. මදනල කොහොමද විල් දිය කූරුගාන්නෙ. එයාට පුලුවන් මතුපිටින් එබිකම් කරන්න විතරයි රසි

    ReplyDelete
  9. ස්තූති දහයක්ම එකපාර!

    ReplyDelete