Saturday, July 26, 2014

සිහිනවල පාට!!




ඔබ සිහින දකින්නේ කවරාකාරයෙන්ද ? 

සුදු හීනි දෙපා ඇති 
රුසියන් තරුණියන් ගැන 
සිහින දකින්නේ රතු පාටින්ද?
කතා බහ කරන්නේ රුසියන් භාෂාවෙන්ද ?

කෙටි කොණ්ඩා සහිත 
සරාගී ප්‍රංශ ළඳුන් 
සිහිනෙන් පෙනෙන්නේ දම් පාටින්ද?
කතා බහ කරන්නේ ප්‍රංශ භාෂාවෙන්ද?

රන් පිළිමයන් බඳු 
හින්දි ලලනාවන් 
රඟ දෙනු දකින්නේ රෝස පාටින් නේද?
කතා බහ කරන්නේ හින්දි භාෂාවෙන්ද?

සියලුම පාට ඉවරවූ පසුද 
දකින්නට තව සිහින තියේනම් 
පෙම්වත ,
අවර්ණ වර්ණයෙන් වුව 
මා සිටින සිහින දකිනු මැන 
ප්‍රේමයේ ගොළු බසින් දොඩනු මැන .

6 comments:

  1. අමුතුයි !!!! ඒත් ලස්සනයි..

    ReplyDelete
  2. ඔහ් පට්ට කවිය තේරුම් ගන්න විතරක්ම දෙපාරක් කියෙව්වා..
    පුදුම ලස්සනයි

    ReplyDelete
  3. දේදුනු වර්ණ කලතා
    පියවි ලෝකේ
    ඇන්ද ආදර ෆැන්ටසි

    පාට එකිනෙක ගලවා
    හීනයෙන් හීනයට තවරා
    වසා නෙත් යුග
    හොරෙන් විඳිනෙමි

    පෙම්වතිය,
    රුසියන් සිනහවේ
    ඇත ඔබේ වම් කම්මුලේ සුලිය,
    ප්‍රංශ නෙත් යුග මත
    දිටිමි ඔබෙ දිගු ඇහිබැම,
    රෝස ඉන්දියානු මුහුණත
    දිලිසුණිය ඔබෙ නිල් ඇස්......

    ඔබ විවර්ණය
    සිහින ලොව මම
    අවර්ණය

    ReplyDelete
    Replies
    1. බස්සිගේ පදපෙලත් පට්ට !! අතිශය පට්ට !!!

      Delete
  4. මොනරි,දිලිනි,බස්සි ස්තුතියි ඔක්කොටම.බස්සිගේ කවිය ලස්සනයි මගේ කවියට වැඩිය.අනිත් අයත් කොහේ කොහේ හරි ලියනවනම් කියවන්න කැමතියි.බස්සිවනම් කියෙව්වා දිගටම.හරි අපූරුයි .

    ReplyDelete
  5. පාටක් නැතුව දැකපු
    එකම හීනෙ - එක කොටසක
    හිටපු පොඩි කුමාරයා
    කොල පාටයි.

    ' හා....?
    කොලපාට කුමාරයෙක්?'
    'ඔව් කොලපාට කුමාරයෙක්.. දැකල නැද්ද?
    අවර්ණයි අනික් හැමදේම '

    ReplyDelete