Monday, July 14, 2014

නිල්පාට කමිසය පපුවට ඇලී තිබුනයුරු !!!

.
හිරුට පිටුපා හුන් 
ඔබේ දෙනයන 
ක්ෂණයකට දිලිසුණයුරු. 

රළ පහරකින් තෙත්වුණු 
නිල්පාට කමිසය 
ඇලී තිබුනයුරු පපුවට.

ඔන්න මෙන්න කියා 
සිපගන්න 
දෙතොල් වෙව්ලූ හැටි .

ජීවිතය කියා 
බොහෝ දෙයක් නැත 
අතේ ඇඟිලි වලටත් අඩුවෙනි.

6 comments:

  1. කවි නැතුව රසීගෙන් ලියැවුනු
    මං මග බලා උන්නේ
    විජලනෙන් වගේ

    ඉඳහිට ඇවිල්ලා බැලුවා
    මගේ ඩැශ්බෝඩයට හොරෙන්වත්
    කවි පළවෙලාදැයි සිතමින්

    :D :P

    ReplyDelete
  2. හැබැව හැබෑව...

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  4. ස්තුතියි බස්සිට,නලින්ට,දිනේෂ්ට.
    මේ දවස්වල මටත් විජලනය වගේ.කාස්ටක අව්ව දවස්වලට කිසිම දෙයක් හිතෙන්නේ නැහැ.

    ReplyDelete
  5. ස්තුතියි දිලිනි .

    ReplyDelete