Sunday, April 06, 2014

මා කවුරුද???

     

මා හින්දි නිළියක් නම් 
බර රන් අබරනෙන් සැරහී 
හිමි ගෙට එනතුරු 
බලා සිටිය හැක.
දිනකට පැය දහඅටක් 
කුස්සියේ ගත කල හැක.
දෑවැද්ද මදි යයි කියා කියා 
බැනුම් ඇසිය හැක 
සියලු වරදට සමාව දී 
සිංදුවක් කීව හැක.


මා ඉංග්‍රීසි නිළියක් නම් 
බාර් එකට ගොස් 
අඩි ගැසිය හැක.
ස්වාමියා ටෝස්ට් හදන තුරු 
නිදාගත හැක.
'මං ඉව්වා නුඹ දීසි සෝදපන්'
අණ කල හැක.
'බොට එපානම් 
මටත් එපා' කියා 
වෙන්විය හැක.

මා ඔවුන් නොවන නිසා 
මේ කිසිත් කල නොහැක.
මා කවුරුදයි 
මාවත් නොදන්නා හෙයින් 
මා හඳුනා ගනිතැයි 
මටවත් සිතිය නොහැක.

5 comments:

  1. හදුනමි සුහද ඔබ ......... නුඹ නුඹම මිස වෙන කවරෙක්ද....? කියනු මට

    ReplyDelete
  2. නියමයි... ජය වේවා.. රාසි.. මං කැමති පද පේලි ටිකක් මේ..

    ReplyDelete
  3. ස්තුතියි නිහිංසාට සහ දේශකට !!

    ReplyDelete
  4. මා කවුරුදයි
    මාවත් නොදන්නා හෙයින්
    මා හඳුනා ගනිතැයි
    මටවත් සිතිය නොහැක.

    ReplyDelete