Thursday, April 03, 2014

නිල් පැහැ කැන්වසය !


.
දිය සායම් බඳුන් 
රැගෙන එයි සැන්දෑව 
නිල් පැහැ කැන්වසය මත
හෙලනු පිණිස .


8 comments:

  1. තීන්ත බෝතලයක්
    ගවුමෙහි හළා ගත්
    මුහුද
    උඩ පනියි නට නට

    ReplyDelete
  2. .
    උඩ යන
    බඳ වට
    බීරළු රේන්ද පෙළ!

    ReplyDelete
  3. සුළඟට ඉහළ යන සාය දැක
    ඇඹරෙයි
    නෙරළු තුරු පෙළ :P

    ReplyDelete
  4. .
    අත් දෙකින්
    මුහුණ වසාගත්
    කකුළුවන්!

    ReplyDelete
  5. සඳ අහක බලාගෙන
    එහෙත් එක ඇහැක් ඇරගෙන

    ReplyDelete
  6. පෙණ බුබුළු උතුරා යනු පිණිස
    බීර බෝතල් අරියි
    උදම් රළ

    ReplyDelete
  7. පෙණ බුබුළු කලතමි
    ඔබෙ රත් දෙතොල් සිඹිමි
    සඳ නැඟෙන තුරු ඉමි
    වීණාව වයමි

    (නොයනු සින්ඩරෙල්ලා ඉවත
    ලියනු නැවත!)

    ReplyDelete
  8. නිල්පැහ කැන්වසය
    කරයි...... ගෙත්තම්.....
    ජීවිතය ගැන......
    හුදෙකලාවම.....

    ReplyDelete