Tuesday, February 17, 2015

ප්‍රේමය සිදුවෙයි.!!!

.
ප්‍රේමය සිදුවෙයි.
ඔව්! ඇත්තටම.

පාන්දර පහට 
"උයන්න කම්මැළිනං නිකං ඉන්න" කියද්දී 
එය සිදුවෙයි.

බස් රියට නගින විට 
"පරිස්සමින් නගින්නැ"යි කියන විටද 
එය සිදුවෙයි.

"ඔයා කන්න කැමතිම" කියා 
වඩේ දෙකක් ගේනකොටත් 
එය සිදුවෙයි.

"ඩිංගක් මහත් වුණාට 
ඔයා තාමත් ලස්සනයි "
කියන විටත් එය සිදුවෙයි.

"මං කියන මෙලෝ මල ඉලව්වක් 
ඔයාට තේරෙන් නෑ" 
කියන විට පවා එය සිදුවෙයි.

ප්‍රේමය සිදුවෙයි.
විශේෂ කාරණාවක් නැතිව 
විශේෂ දිනයක් නැතිව 
විශේෂ ආටෝපයක් නැතිව 
එය සිදුවෙයි.

9 comments:

  1. හ්ම් ඇත්තටම එයයි ප්‍රේමය....මෝඩ අගනුන්ට නොවැටහේ එය

    ReplyDelete
  2. යා........................
    ඒ වුණත් ඇයි බාං අක්කෙ කෙල්ලො අපිට බූට් එක තියල මාරු වෙන්නෙ පේමය සිදු නොවෙන හින්දද

    ReplyDelete
  3. ඒහෙනම් අැයි පෙම්වතුන්ගේ දිනයක්........ නේද මං අහන්නේ???? (කියන කොටත් ඒය සිදුවෙයි)//////////

    ReplyDelete
  4. මුල්ම දවස් වල ගෑනිට වතුර එකක් ගන්න කළේ නවනකොටත් "ප්‍රේමය සිදුවෙයි" කියල කව්දෝ මන්ද කිව්වා...

    ReplyDelete
  5. තරුණ කාලේ ඔහොම තමයි.පෙනෙන්නෙම උල් .වයසට ගියාම හැමතැනම පෙනෙන්නේ මල්!

    ReplyDelete
  6. සහතික ඇත්ත.. එහෙම නොවෙන අයට තමයි ඒ වෙනුවෙන් දවසක් ඕන කරන්නේ..

    ReplyDelete
  7. ප්‍රේමය අතරතුර ජීවිතය සිදුවේද? ජීවිතය අතරතුර ප්‍රේමය සිදූවේද?

    ReplyDelete
  8. අරුත හරිම ලස්සනයි රසී..

    ReplyDelete
  9. ප්‍රේමය සිදු විය හැකිය. එය සැබෑ ප්‍රේමය ද නැතහොත් වෙනත් යටි අරමුණකින් ද යන්න තෝරා බේරා ගත යුතුයි. මන්ද ප්‍රේමයට විවිධ වෙස් ගත හැකි බැවිනි

    ReplyDelete