.
රෙදි වැල්වල
උඩ පැන පැන හිටි
රෙදි නැමෙයි
ගෙට යමං කියයි.
දුක හිතෙන කවුළුවල
තිර වැසෙයි.
කි.රි.ස් ගා
අගුලු පහතට වැටෙයි.
නිශ්ශබ්ද සාලයට
පහන් එළියක් එබෙයි.
පුටු මේස පින්තූර
බිම බලාගෙන හිඳියි.
කොහේදෝ ගෙදරක
උස් සිනාවක් ඇහෙයි
සීනි සම්බෝලයක්
බැදෙන සුවඳක් දැනෙයි.
හෙමි හෙමින් සඳැල්ලට
අන්ධකාරය ගලයි
"වහල දාන්න දොර"
ඔබ සෙමෙන් දොර වසයි.
This comment has been removed by the author.
ReplyDeleteඊට පස්සේ ?
ReplyDeleteඉතින් ඊට පස්සේ???
ReplyDeleteඊට පස්සේ අන්ධකාරය !
ReplyDeleteමම කැමති නැහැ මේ කවියට.
ReplyDeleteකවියට වඩා එහි අරුතට.
අරුතට වඩා පහුරුගාන ගතියට.
පහුරුගාන ඒ අන්ධකාරෙට !!
ඉතිං මේ ඇත්තනේ .මං මක් කරන්නද?
ReplyDelete