.
ඔබේ අතේ එල්ලී
මුහුණ බල බලා හිනැහෙන
දුඹුරු කහ මිශ්‍ර ගවුම හැඳි
කුඩා ළදැරිය මා විය හැක.
අළුයම මල් නෙලන මොහොතක
ගසින් ගසට පැන පැන විත්
නහය මත පතිත පිණිබිඳ
ඔබ නොදත් වුව මා විය හැක.
අඩක් විවරවූ කවුළුවක
නිරන්තරයෙන් වැළපෙන
අව් වැසි වැදී මහළු වුන
සුළං සීනුව විය හැකිය මම.
මේ භවයෙහි දිනෙක
අත් හැරුණු ශෝකයෙන් පීඩිත
නොයෙක් වෙස් ගෙන පැමිණෙමි
මතු භවෙක හමුවෙනු පිණිස .
"වෙන්කර ඇතැ"යි
දැන්වීමක් අලවනු මැනව .
හුටා..........
ReplyDeleteවෙන කෙනෙක් වෙන්කර ගෙන නං...
අලි කේස් එකක් නේ වෙන්නෙ...
අපූරු කවිය අක්කෙ
ජයවේවා
මගේ අතේ එල්ලෙන
ReplyDeleteකෙල්ලන් දෙස බලන්නෙමි...
නැවත නැවතත්....!
වැටෙන හැම පිනි බිඳුවකම
කැටපතක් යයි සිතා
සොයන්නෙමි!
සුළඟ එනු පිණිස ඇරී
කවුළුවේ මුරකරන
සීනුවද
මදින්නෙමි!
වරෙක අතැ'රුණු බැවින්
යලිදු එනු නිසැක බව
සිතන්නෙමි...
ගී නාද නතර වී
ReplyDeleteබොහෝ කල් ඉකුත් වූ
සුළං සීනුවක වුව
අහඹු කිරි-කිරියකින් තිගැස්සෙමි
බස් නැවතුමක රැස්කන
දැරියන්ගෙ කිචිබිචියක
උස් සිනහ රාවයක
අනවසරයෙන් වුව ලැගුම් ගමි
තනි මගක හවසක
අහම්බෙන් ඇස ගැටෙන
දූලි වැකි කහ මලක්
දණ නමා ඇහිඳ ගමි
සිනමාපටය අවසන
නැගී ඉන්නට පළමුව
උරහිසේ මූසල සැහැල්ලුව දැක
නැවත නැවතත් පුදුම වෙමි
කම්මැලි තත්පරද
කටු අනින හඳ එළියද
සිහින් ජැස්මින් සුවඳද
නොහැඟෙනා ලෙස කල් මරමි
කොමාවක්වත් නොපෙනෙන
දීර්ඝම භව අන්තරයකට
දවස ගනනේ ගරහමි
සුසුම් ලමි
🖤
Deleteබියර් ඩිංගක් බොන කවිය බ්ලොග් එකේ නොදාන්නෙ ඇයි අනේ...!!
ReplyDeleteදාන්නං !
ReplyDelete