Thursday, November 06, 2014

එක් රැයක් තිබියදී !!




එක් දහස් රැයක් 
නෙක කවි අසා 
එක් රැයක් තිබියදී 
පිටව යමි.

වට තිර මසා 
බර අගුළු යොදා 
නාඳුණන කුටියක 
වහන් වෙමි.

දොරගුළු කඩා 
හමුවෙනු පතා 
ඔබ එනු ඇතැයි 
නොසිතමි.

නොලියූ කතා 
එකිනෙක ගොතා 
පොසිලයක් වෙනු පිණිස 
වළලමි .




10 comments:

  1. ඒ එක රැයෙහි
    මැදියම පවා
    කඳෝකිමි එලියටත්
    තිගැස්සෙමි..

    සැඟවූ කථා
    කඳුළින් තෙමා
    අතැඟිලි තුඩින්
    පිස හරිමි..
    -කමලිකා-

    ReplyDelete
  2. ඔබ ලියූ කවි කියවා
    අගය දැනී
    කමෙන්ටුවක්
    සටහන් කරමි.....................

    ReplyDelete
  3. නෙක තුරුලතා
    මුමුණන කථා
    මදනළ එවා
    හඳුනාගමී

    දොරගුළු කඩා
    ඝන තිර ඉරා
    තුරුලෙහි හොවා
    නුඹ සනසවමි

    නොලියූ කථා
    පෙම්බර මුසා
    හිස සිඹිමින්ම
    අසා ඉමී

    මෙතුවක් වෙලා
    නොකියූ කථා
    ලොවටත් හොරා
    කොඳුරන්නෙමි...

    (කවදත් වගේ සුන්දරයි රසී )

    ReplyDelete
  4. හරිම සුන්දර කමෙන්ට්ස්! මේ වෙලාවට තමා කවි ලියන්නම හිතෙන්නේ.

    ReplyDelete
  5. කවියකින් කමෙන්ට් කරන්න තිබ්බනම් තමයි මරු . එත් රසී උඹේ පොස්ට් එකට මැච් වෙන්න කවියකට වචන එන්නේ නැහැ...
    --------
    මොනවා වුනත් කොහොම කිව්වත් හැමදාම වගේ උඹේ කවි පට්ටයි.සුපිරි යි..උපරිමයි...

    ReplyDelete
  6. ස්තුතියි දෙවෙනි විභිෂනටත් !!

    ReplyDelete
  7. වැළලූ කතා හදවත බදා
    දළුලා වැඩෙනු
    ඉවසා හිඳිමි

    නො එනා කෙනෙක් හැරයා නොහැකි
    අරුමය කිමැයි
    හඳුනා ගතිමි

    ReplyDelete