එක් දහස් රැයක්
නෙක කවි අසා
එක් රැයක් තිබියදී
පිටව යමි.
වට තිර මසා
බර අගුළු යොදා
නාඳුණන කුටියක
වහන් වෙමි.
දොරගුළු කඩා
හමුවෙනු පතා
ඔබ එනු ඇතැයි
නොසිතමි.
නොලියූ කතා
එකිනෙක ගොතා
පොසිලයක් වෙනු පිණිස
වළලමි .
නියමයි!!
ReplyDeleteඅපුරුයි රසි :)
ReplyDeleteස්තූතියි !
ReplyDeleteඒ එක රැයෙහි
ReplyDeleteමැදියම පවා
කඳෝකිමි එලියටත්
තිගැස්සෙමි..
සැඟවූ කථා
කඳුළින් තෙමා
අතැඟිලි තුඩින්
පිස හරිමි..
-කමලිකා-
ඔබ ලියූ කවි කියවා
ReplyDeleteඅගය දැනී
කමෙන්ටුවක්
සටහන් කරමි.....................
නෙක තුරුලතා
ReplyDeleteමුමුණන කථා
මදනළ එවා
හඳුනාගමී
දොරගුළු කඩා
ඝන තිර ඉරා
තුරුලෙහි හොවා
නුඹ සනසවමි
නොලියූ කථා
පෙම්බර මුසා
හිස සිඹිමින්ම
අසා ඉමී
මෙතුවක් වෙලා
නොකියූ කථා
ලොවටත් හොරා
කොඳුරන්නෙමි...
(කවදත් වගේ සුන්දරයි රසී )
හරිම සුන්දර කමෙන්ට්ස්! මේ වෙලාවට තමා කවි ලියන්නම හිතෙන්නේ.
ReplyDeleteකවියකින් කමෙන්ට් කරන්න තිබ්බනම් තමයි මරු . එත් රසී උඹේ පොස්ට් එකට මැච් වෙන්න කවියකට වචන එන්නේ නැහැ...
ReplyDelete--------
මොනවා වුනත් කොහොම කිව්වත් හැමදාම වගේ උඹේ කවි පට්ටයි.සුපිරි යි..උපරිමයි...
ස්තුතියි දෙවෙනි විභිෂනටත් !!
ReplyDeleteවැළලූ කතා හදවත බදා
ReplyDeleteදළුලා වැඩෙනු
ඉවසා හිඳිමි
නො එනා කෙනෙක් හැරයා නොහැකි
අරුමය කිමැයි
හඳුනා ගතිමි