Wednesday, March 05, 2014

වසැංගූ දුක!!

.
Josephine Wall.__

අඳුරු පැහැ කඳු මත 
පහන් දල්වන්න පෙර 
කදෝකිමි 
වරක් කියවූ ඔබේ කවිපොත 
නැවත නැවතත් 
හොඳින් කියවමි.

කොමා,ප්‍රශ්ණ ලකුණු,ඉස්පිලි හා ඇලපිලි 
ඝන කළුවරකවුව ඉවෙන් මෙන් හඳුනමි.
නම් ගම්ද මුහුණුද පසුකර පැමිණි 
කලක සිට දන්නවුන් සේ සලකමි.

කුඩා කුරුමිණි අකුරු අතරේ සිරවී 
රහස් බසකින් ලියු කවියක් හසුවේ 
මට වසැංගූ දුකම කඳුලක කැළලේ 
සොඳුර ඔබ මෙන් මා පවා වල්මත්වේ.

සොඳුර ඔබ කවිපොත 
අවසන් වරට කියවමි.

7 comments:

  1. තව වරක් කියවූ විට
    මිහිර දැනෙන්ටද හැක

    ReplyDelete
  2. කුඩා කුරුමිණි අකුරු අතරේ සිරවී
    රහස් බසකින් ලියු කවියක් හසුවේ
    මට වසැංගූ දුකම කඳුලක කැළතේ....

    හිතට ළග කවියක්

    ReplyDelete
  3. ස්තුතියි දේශක සහ තරු!

    ReplyDelete
  4. කදෝකිමි,
    වරක් කියවූ
    ඔබේ කවිපොත
    නැවත නැවතත්
    හොඳින් කියවමි...

    දුක හිතන්නට
    බැරිව ලතැවෙන
    සිතට තරවටු
    නොකර ඉන්නෙමි..
    -හඳුනන්නියක්-

    ReplyDelete
  5. නාඳුනන හඳුනන්නියට ස්තුතියි!

    ReplyDelete
  6. අවසන් වරට කියලා හිතාගෙන තව කීප වතාවක්ම කියවන ඒවත් තියෙනවනේ ඉතින්.. ලස්සනයි.. අදයි මේ පැත්තේ ආවේ..

    ReplyDelete
  7. දිනේෂ්!ස්තුතියි..ආයේ එන්න .

    ReplyDelete