Tuesday, March 11, 2014

හුවමාරුවකට කැමැත්තෙමි!

Anila Ciccone
.
සිරවී සිටිය යුතුමද 
නීරස කුළගෙයක 
හිමිවුවද අත්තටු 
ඉගිල්ලෙනු තහනම් කළ 
ආසියාතික ගැහැණු සිරුරක 
ගොරහැඩි සළු තුළ වහන්වී 
රහසේම කුඩා පව් කරමින් 
බැඳෙමින් බිඳෙමින් යළිදු බැඳෙමින්.

සිහිල් කළ වයින් බඳුනක 
තිත්ත මුසුකල රසය විඳිමින් 
ඉර හඳ තරු සමග 
නිදහස් රමණයක යෙදෙමින් 
සිහින් දිග කකුල් පෙන්වන 
යුගල නැටුමක යෙදෙමින් 
හුවමාරු කරගත හැකිනම් ජීවිතය
ප්‍රංශ යුවතියක සමගින්.

11 comments:

  1. මම ද කැමැත්තෙමි...

    ReplyDelete
  2. රහසේම කුඩා පව් කරමින්
    බැඳෙමින් බිඳෙමින් යළිදු බැඳෙමින්.
    හුවමාරු කරගත හැකිනම් ජීවිතය
    ප්‍රංශ යුවතියක සමගින්.

    රසිකා,
    මගේ සිතිවිලි
    පැහැදිලිව කියමින්
    මේ දවස් වල

    යලිත් හඳුනන නාඳුනන්නිය :-)

    ReplyDelete
  3. තරුරසී ස්තුතියි.

    අනේ මේ හඳුනන නාඳුනන්නිය ඉවෙන්වත් හැඳිනගත හැකිනම්!!

    ReplyDelete
  4. ප්‍රංශ යුවතියක් නේ? හිතා බලන්න ඕන.. මොකද ඉතින් ප්‍රංශ යුවතියෝ ඕන තරම්ම මුණ ගැහිලා තියෙන හන්ද..

    ReplyDelete
  5. අලුත් ඇහැකින් බලන්න දිනේෂ්!

    ReplyDelete
  6. ලංකාවෙ ගැහැනියගේ ඇත්ත කතාව. ඇයි මේක දැන දැනත් උවමනාවෙනම කලුවර කුටියකම හිර වෙන්න හදන්නෙ....

    ReplyDelete
  7. ලංකාවේ ගැහැණියක් නිසා!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කියලා කලින් තිරනය කරපු පටු රාමුවේම ඉන්න ඔනේද....මං හිතන්නෙ නැහැ. මේ කිවිදිය හා අදහස් හුවමාරු කිරිමට e mail ලිපිනය ලබා ගනු කැමැත්තේමී.

      Delete
  8. නරකම නැ වැඩෙ,දැන් ඔන්න මගෙ බිරිද ජිවිතෙ මාරුකර ගන්නව ප්‍රන්ස කෙල්ලෙක් එක්ක.අම්මට උඩු මෙන්න ගෙදර ප්‍රන්ස කෙල්ලෙ.

    ReplyDelete
  9. නරක් වෙලා හිටී !

    ReplyDelete
  10. හුවමාරුව කියන්නේ අවුලක්ම තමයි.....

    ReplyDelete