Friday, February 07, 2014

කළු,සුදු හා දුඹුරුද


Carlos Queiroz__Brasil_
.
ඔබ ලියූ බොහෝ දෑතර 
මා ගැන ලියු යමක් වෙත්දැයි 
අග සිට මුලට බලනතර 
හමුවිය විවිධ ගැහැනුන්.
කළු,සුදු හා දුඹුරුද 
උස්,කෙට්ටු හා මිටිද 
මෙහෙකාරියන්,සිල්වන්තියන් හා වෙසඟනන්ද 
පොත් පිටු පුරා සිටියහ.
මා කොහිද?මා කොහිද?
මා එතරම්ම කුදුද?
එතරම්ම සිත් නොගන්නා සුළුද?
නොබැඳිනිද ප්‍රේමයෙන් කිසිදිනෙක.
රාගයෙන් බැඳිනිද අන් කතුන් සමග.
"සොඳුරිය 
නුඹ මා විමසුවා මිස 
මා කියවා නැත.
නුඹ මා නැරඹුවා මිස 
මා දැක නැත.
උල් සැතක් ගෙන 
සිදුරු කරනු මැන මා ලය.
හමුවෙයි එවිට 
ඔබ ගැන ලියූ දෑ සැම ."

1 comment:

  1. රසීගේ වෙඩි තියෙන කෙටි කවි වලට ෆේස් බුක් වලට වඩා හැබෑ වටිනාකමක් හම්බ වෙන්නේ මෙන්න මෙහෙම බ්ලොගේට දාපුවමනේ.

    ReplyDelete