Saturday, February 08, 2014

ඉංග්‍රීසි සිහින

                                 Michael__Inessa_Garmash
.

.....ඉංග්‍රීසි සිහින.....

එළිමහනේ දුඹුරු තේ බොන 

බූල් බල්ලන් පසුබිමේ දුවපණින 

කැන් කැන් සහිත සායවල් අඳින

ඉංග්‍රීසි නෝනාවරුන් ඇත චිත්‍රපටිවල.

කබා ඇඳගත් මහත්වරුන් එන 

දන නමා අත මඳක් සිප ගන්න

බැදපු තාරා මස් සමග පාන් කන 

අහෝ මටත් එවැන්නන් වෙන්ට සිතෙන.

අශ්ව කරත්තයක කිරි කිරි හඬකි

රන්වන් හිසකේ සහිත උස් සිහින් තරුණයෙකි 

කෝ මගේ උඩ කබාය හිස් වැස්ම දෙනු මැනවි 

(ඇවිත් බත් උයන්නම් එතෙක් ඉවසනු මැනවි).

1 comment:

  1. මෙන්න මේ මම කැමති
    කිහිප වරක්ම පිලිතුරුත් ලියූ
    හරියට ...

    ReplyDelete