.
හරියටම හත්දොහේ දානෙට
එක දවසකට කලියෙන්
කවුරුත් නැති වෙලාවක
ඔබ ඇවිත් හිටියා තනියෙන්.
සුදු කමිසයට කළු කලිසමක්
මගුල් ගේක යන විදියට
කෝට් එකක්,ටයි පටියක්.
හිනා යන තරමට පවුඩර් වැඩිව.
"ඔයාට හුඟක් පාළුද?
පුතත් ඉතිං යාවි නේද?
නිවාඩු නැතුවැති
අපේ රටේ වගේ නෙමේනේ.
මාත් ඉතින් යන්න කියලා
හෙට හවසට බණෙන් පසුව.
ඇවිද ඇවිද ඉඳලා ඇතිවෙලා
කවද උන්නත් යන්න එපැයි .
මං කිව්වනේ ඔයාට
ඩ්‍රයිවින් ඉගෙන ගන්න කියලා
කෝ ඇහුවයැ,හිනාවුණා මිස
හැමදාම ඉඳියි කියලා හිතුවද මම.
තාමත් මං ආසයි
ඔයාගේ නිල් පාට ගවුමට
රැළි රැළි අත් දාපු
දණට අඟලක් ඉහළින් නැවතුනු.
බැල්කනියට ඉහළින්
හැමදාමත් හඳ පායයි
එක හාන්සි පුටුවක්
දැන් ඕනි නැති ගානයි.
අපි ආයේ දවසක හමුවෙයිද
කහ ඉර පනිනකොට පාරෙදි
පොළේදි ,පන්සලේදි,උයනෙදි
කවදාවත් හමුවෙන්නෙ නැතිවෙයිද?
හමුවුනත් අඳුනාගනීද
අඳුනාගත්තත් පෙම්කරයිද
පෙම්කරත් විවාහවෙයිද
මේ වගෙම ආයේ වෙන්වෙයිද?"
මේක කියෙව්වේ අද උදේ වෙන්න ඇති. එවෙලේ ටිකක් නිදිමතේත් හිටියේ. නින්දත් අමතක වෙලා ඇඳෙන් වැටුනේ නැති එක විතරයි. මේ වගේ හර්ශ කම්පණ ලියන්න ඉතින් වෙන කාටද පුළුවන් රසීට මිසක්...
ReplyDeleteස්තුතියි ......!
ReplyDeleteඔයාගෙ කවි හිතට වදිනවා හුඟාක්... අමුතුම ශෛලියක් ඔයාට තියෙන්නේ...
ReplyDelete