Saturday, October 23, 2010

මසාදෙන්නට තිබුණි
ඔබෙ ඉරුණු හදවත
සන්නාලියක්ව සිටියානම්...
පිරිසිදු කල හැකිව තිබුණි
ඔබ කිලිටි හදවත
සෝදන්නියක්ව සිටියානම්...
පුරුද්දන්නට තිබුණි
කැඩී බිඳී ගිය හදවත
වෙදැදුරියක්ව සිටියානම්...
කියවා දෙන්ට තිබුණි
අකුරු මැකුණු හදවත
ආදරය දැන සිටියානම්...!

3 comments:

  1. මම ඔයාගේ වචන අස්සේ හිර වෙලා මේ ඉන්නේ....

    ReplyDelete
  2. කවියකට දාව උපන් නෙත උනු කදුල

    ලෝදියක් විය සැලෙන සිත් මලට

    ReplyDelete
  3. මගේ ජිවිතයට සමීපයි

    ReplyDelete