Wednesday, October 06, 2010

....මැකීයාම..

මට ප්‍රථම පැමිණිවුන්
තබා ඇති අඩි මතම
මම මගේ පා ලකුණු පිහිටුවමි.
උදෑසන ඔබ පැමිණ
ඒ මතින් අළුත් රූ
ලකුණු කරනා බවද
දැන හිඳිමි!

3 comments:

  1. ගයන්නට පෙර උදා ගී
    සිඟිති විහඟුන් අවදිවී
    සිහිල් මීහිදුම් තිමිර සාළුව
    ගත වසන හිමිදිරි උදාසන
    ඈවිද යමි මේ මග දිගේ
    මකා හැම පා සළකුණක්
    ඉතිරි කර පියවර මගේ

    ඈවිද එනතුරු ඔබේ මුදු පා
    ලකුණු රඳවා ඒ මතින්
    බලා ඉමි මම දිග ඈදී
    අහස් නදියේ නිසල ඉවුරේ
    උතුරු තරුවේ සෙවන පාමුල
    මගේ කුටියේ සයනයේ...!

    ReplyDelete
  2. එකම ගමන කවුරුත් යනව...

    ReplyDelete
  3. ඔබ වන් සොඳුරු පා සටහන් ඇතියෙකු තවමත් පැමිණ නොමැත්තෙන්...
    නොනවතනු මැනව සක්මන..
    මෙතරම් වේලාසන.

    ReplyDelete