Saturday, May 13, 2017

දඬුවම් ......!!




ඔබ විසින් කියවන 
විටෙක නොකියවා ඉවතලන 
විස්මයාර්ථ ලකුණු ඇති 
ප්‍රශ්නයාර්ථ නොනගන 
අක්ෂර වින්‍යාස හා 
ව්‍යාකරණ දෝෂ බහුල 
මා එවන කුඩා ලිපි 
එහෙත් ඒ මගේ කවි ය.


ප්‍රේමයේ මග දිග 
අන්ධයෙක් සේ ඇවිදින 
මිහිරිතම වදන් ගිලගෙන 
ගොළුවකු සේ හැසිරෙන 
සුවඳ ඉවකර සැනහෙන 
ඔබේ දෙපයට පෑගෙන 
සිහිනෙකින්වත් නොලැබෙන 
එහෙත් ඒ මගේ ස්නේහය.


සෙල් ටැඹක් වෙනු පතමින් 
වාරු කරගනු පිණිස 
මල් වැටක් වී හිඳිමින් 
සිරස මත මල් හලන 
කල් අරන් ළඟ රැඳෙමින් 
අදිසි වෙන්නට තනන 
ඔබට නොහැඟේ තවමත් 
මා ඔබේ සොඳුරු දඬුවම.

7 comments:

  1. අම්මේ මේහෙම දඬුවමක්. මං අහන්නේ හොඳද එහෙම..
    නිර්මාණයනම් පංකාදුයි ඈ..

    ReplyDelete
  2. ඒක හරිම ලස්සනයි රසී අක්කා

    ReplyDelete
  3. ඒක මාර ලස්සනයි අක්කා...

    ReplyDelete