Sunday, May 07, 2017

ඇලෙන සුළුය,පිපාසිතය,නින්දිතය!!




අවසන් විය යුතු හෙයින් 
පටන්ගත් සියලු දෙය 
නොඇඳ ඉන්නද චිත්‍රය? 
නොගයා ඉන්නද ගීතය?

හැකිවේනම් ඔබට 
දැල්වෙන්න අමතර මොහොතක් 
සපථ වෙමි පිළිස්සෙන්නට 
දෙඅදර රඳවා මඳහසක්.

අරුණෝදය මෙන් 
පැහැදිළිය,මනස්කාන්තය,බිඳෙන සුළුය 
මධ්‍යාහ්නය මෙන් 
ඇලෙන සුළුය,පිපාසිතය,නින්දිතය
සන්ධ්‍යාව මෙන් 
සෞම්‍යය,රාගන්විතය,ශෝකාන්විතය 
පෙම්වත ,මගේ ප්‍රේමය .

3 comments:

  1. එවන් වූ ප්‍රේමය....ගයන්න...අඳින්න.....

    ReplyDelete
  2. නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ...

    ReplyDelete
  3. Sithuwiliaranablog@gmail.comOctober 30, 2019 at 1:33 PM

    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ....

    ReplyDelete