Sunday, May 14, 2017

සුකුරුත්තන් !!






.
අත් පසුම්බිය දිගහැර 
කිළිටි නෝට්ටු,තොල් අඳුන් කූරු 
සුකුරුත්තන් හා යතුරු 
ඈත් මෑත් කර සොයමි 
ඒ මනරම් රැයෙහි 
බොහෝ සේ දිළිසී වෙහෙසී 
බිම වැටි පරවූ 
තාරුකාවක් තවමත් 
තියේදැයි අමතකවී.

7 comments:

  1. සුකුරුත්තං මෙයාගේ..

    ReplyDelete
  2. මේක එවන් රැයෙක තම කන්‍යාභාවය අහිමි කරගත් ගැහැණියක් ඒ ගැන වන පසුතැවිල්ලක් ගැනද?

    ReplyDelete
  3. අඳුරේ බැලුවා නම් දිලිසේවී...

    ReplyDelete