Wednesday, February 11, 2015

හදවත නැති සිතියම්!!!


.
මගේ උකුළෙන් 
මගහැරුණු දින සිට 
පුත නුඹ සොයමි 
ලෝක සිතියම ගෙන.

සඳද මියගිය රාත්‍රී නගරෙක 
දැවෙයි සෙනෙහස 
හදවතක හැඩ ගෙන.
කොතෙක් වෑයම් කලත් සෙවුමට එය 
කිසිම  සිතියමක 
හදක හැඩයක් නැත.

5 comments:

  1. ඒක සිතියම් කරන්නත් අමාරුයිනේ ඉතින්..

    ReplyDelete
  2. පෙම්වතුන්ගේ මාසෙ ඇයි මෙච්චර දුකක්

    ReplyDelete
  3. හුගක් හිතට වැදුනා

    ReplyDelete
  4. කදුලක්.................... වේදනාවක්

    ReplyDelete